1887 දී රචිත යැයි සැලකෙන එම්බ්රොස් බියර්ස්ගේ “වැළැපෙන වැන්දඹුව” (The weeping widow) නැමැති අමෙරිකානු කෙටි කතාව කෙනෙකුට අහිමි වුනත්, විවාහය සහ ආදරය පිළිබඳව කෙරුණු ප්රබලතම විවරණයක් යැයි ඇතැම් විචාරකයෝ පවසති.
කෙටි කතා ලියන, හදාරන සෑම කෙනෙක්ම මෙම කෙටි කතාව නියත වශයෙන්ම කියැවියයුත්තේ ඒ හේතුවෙන්ම නොව මෙය ලෝකයේ කෙටිම කෙටි කතාව වීම නිසාය.

කළු හැඳ ගත් කාන්තාවක් අලුත වැසූ සොහොනක් අසල වැළැපෙමින් සිටියාය. අසලින් ගමන් ගත් මගියෙක් ඇය අමතා මෙසේ පැවැසීය.
“අඬන්න එපා සොයුරිය, මිය ගිය ඔබගේ ස්වාමි පුරුෂයාට වඩා ඔබට සතුට ගෙන දිය හැකි කෙනෙක් ලෝකයේ කොහේ හරි ඉන්න පුළුවන්.”
“එහෙම කෙනෙක් හිටියා. මේ එයාගේ මිනී වළ” ඇය කීවාය.
– පරිවර්තනය: සරත් ගුණරත්න